VideoProc - Easy video processing software

VideoProc - Easy video processing software

වීඩියෝ එඩිටින් කරන අයට වටිනා Tool එකක්.

ඔබ වෘතීය වීඩියෝ සංස්කරණ කටයුතු සිදුකරන කෙනෙක්ද ? විඩියෝ රෙකෝඩින් කරනවද ? නැතිනම් යූටියිබ් වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක්ද ?

මේ අයට VideoProc මෘදුකාංගයෙන් ලොකු ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්. මූලික වශයෙන් අයිෆෝන් වීඩියෝ කන්වර්ට් කරන්න පුළුවන්, අලුතෙන් පැමිණි iPhone XS Max ස්මාර්ට් උපාංගයේ වීඩියෝ රෙකෝඩ් වෙන්නේ4K විදියටයි. දැනට තිබෙන ගුණාත්මකම වීඩියෝ ෆෝමැට් එක මෙයයි. එම නිසාවෙන් වීඩියෝ සදහා යන ඉඩ ඉතාමත් වැඩියි.


ඔබට මෙම VideoProc යෙදවුම මගින් පරිගණකයට අයිෆෝන් එක සම්බන්ධකර එම වීඩියෝ සියල්ල අඩු ඉඩක් සමඟ වීඩියෝ Quality එකට හානියක් නොවී Mp4, MKV වැනි වීඩියෝ ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න පුළුවන්.


ඒ වගේම වීඩියෝ එකක අදාල ප්‍රදේශය පමණක් crop කර පෙන්වීමට සැලැස්වීමට පුළුවන්. වීඩියෝ රෙකෝඩ් අතපසුවීමකින් කැමරාව වැරදි විදියට හැරවීමෙන් ලබාගත් විඩීයෝ හරි අතට හැර වීමටත් මෙයට පුළුවන්. මේවගේම ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක ලෙහ්සියෙන්ම රෙකෝඩ් කිරීමටත් පුළුවන්. ඒ වගේම අතර්ජාලයේ ඇති විඩීයෝ ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Download Manager එකක් ලෙසද බාවිතා කරන්න පුළුවන්.

මෘදුකාංගය මගින් කලහැකි දේවල් විඩියෝවෙනුත් බලන්න.


මෙය නිර්මාණයකල Digiarty සමාගම විසින් මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරන අයට සිත්ගන්නාසුළු ත්‍යාග ලබාදීමේ වැඩසටහනක්ද මේ දිනවල ක්‍රියාත්මක කරනවා. ඒගැන වැඩිදුර තොරතුරු සහ ඔබට වැඩ කිහිපයක්ම එකවරකරගන්න පුළුවන් මෙම VideoProc  මෘදුකාංගය බාගැනීමට මෙතනින් පිවිසෙන්න.