Ebay Buying Guide in Sinhala Sri Lanka

Ebay එකෙන් බඩු මිලදී ගන්න අයට වටිනා කරුණු රැසක්.

අන්තර්ජාතික වශයෙන් බාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛපෙලේ වෙබ් අඩවියක් තමයි Ebay කියන්නේ. ල‍ංකාවේ බොහෝදෙනා දැන්

මේ වෙබ් අඩවියෙන් විවිධ බාණ්ඩ මිලදී ගන්නවා. ඊබේ බාවිතා කරනවිට අපිට පැන නගින ගැටළු කිහිපයක් තිබෙනවා. අපේ ගෙදරටම එන බාණ්ඩ මොනවද ? තැපැල් කාර්යාලයට ගිහින් ගන්න වෙන බාණ්ඩ මොනවද ? කොහොමද ඒවා නිදහස් කරගන්නේ ? වැනි අපි දැනගත යුතු වටිනා කරුණු රැසක් ඇල්. ආර්. බන්ඩාර මහත්මයා සමාජ ජාල වෙබ් අඩවියක් තුල දක්වා තිබුණා. මේ ලිපිය මගින් අපි ඔබට ගෙන එන්නේ එහි සදහන් කරුණුයි.

දැන් කට්ටිය Ebay එකෙන් බඩු ගේනවනේ. පොඩි පොඩි Item නම් ලියුම් බෙදන පියුම් මාමා ගෙදරටම ගෙනත් දෙනවනේ. එත් ලොකු item එකක් ගෙන්නුවොත්( Eg : Phone ) අපිට පොස්ට් Office එකට යන්න වෙනවා ඒක ගන්න. මොකද ඒක කඩල බලලා Duty fee එහෙම ගෙවන්න ඕනේ. ඒවා එහෙම ගෙව්වට පස්සේ තමා අපිට බඩු හම්බු වෙන්නේ. 

ඔබ ගෙනාපු Item එක Custom එකෙන් ඇල්ලුවොත් මොකද කරන්නේ ? 😲

ඔයා ගෙන්නපු Item එකක් Custom එකෙන් අල්ලලා . ඒක පොස්ට් එකේ තියාගෙන ඉන්නවා නම්. අනිවාර්යෙන් Item ඒක පොස්ට් එකට ඇවිත් දවස් 2-4ක් ඇතුලත ඔයාගේ Shipping Address එකට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුමක් එනවා. ලියුමක් කියල කිව්වට ලියුමක් මත් නෙමෙයි, Form දෙකක් තුනට නවල Stapler Pin එකක් ගහල තමා එවන්නේ. එක කොලයක් රෝස පාටයි. අනික සුදු පාටයි. රෝස පාට කොලේ ඔයාගේ නමයි, Address එකයි ලියන්න තැනක්, ඒක ලියල අරන් යන්න. වෙන මුකුත්ම ලියන්න එපා. 

ඕක අරන් යන්න ඕනේ මද්‍යම තැපැල් හුවමාරුවේ දෙවෙනි තට්ටුවට. (Central Mail Exchange). මේ කාර්යාලය තියෙන්නේ කොළඹ 10, ඩි.ආර්. විජේවර්ධන මාවතේ. කොළොඹ 10 කියල කිව්වට මේක තියන්නේ Lake House එක , SLECCඒක පේන තෙක් මානේ. 

හරියටම කිව්වොත් . කොටුවේ Station එකේ පිටිපස්සේ ගේට්ටුවට එහා පැත්තේ. ( මැකලම් පාරේ ගේට්ටුව - ඩී.ආර්.විජේවර්ධන මාවත කියල දැන් කිව්වට ඉස්සර කිව්වේ මැකලම් පාර ලු ) ඔයා පිට කොටුවේ ඉදන් එනවනම්.120,125,190,170 වගේ බස් එකක නැගල කොන්දොස්තර අයියට පොස්ට් Officeඒක ගාවින් දාල යන්න කිව්වනම් හරි. 

පාර්සල් Section එකේ ෆෝන් නම්බර් මෙන්න.
 011 23220700, 011 2440159, 011 2449886

ඔයාගේ හැදුනුම් පත (NIC)Ebay Invoice එකෙත් ප්රින්ට් එකක් කෝකටත් අරන් යන්න. ඉල්ලුවොත් විතරක් දෙන්න.


ඔයා Phone එකක් ගෙන්නුවොත් නම් පොඩි කට්ටක් කන්න ඕනේ. මෙන්න මේ පහත තැන් වලට පිළිවෙලට යන්න ඕනේ.

01. ගෙදරට එන ලියුම අරන් මද්‍යම තැපැල් හුවමාරුවට යන්න.

02. එහෙන් දෙන ලියුම අරන් ඇල්විටිගල මාවතේ තියන (TRC) විදුලි සංදේශන නියාමන කොමිසමට යන්න.  මේක තියන්නේ හරියටම නාරාහේන් පිට හමුදා රෝහල හරියේ. 103 නාරාහේන්පිට බස් එකේ ගියා නම් හරි - 135/178/103ඔක්කොම එතනින් යනවා.

03. එහෙන් දෙන ඒවා අරන් ශ්‍රී ලංකා ආනයන හා අපනය පාලන දෙපාර්තුමේන්තුව ට යන්න ඕනේ. (කොළඹ 01, බ්රිස්ටල් වීදියේ තියන හේමාස් ගොඩනැගිල්ලේ පලවෙනි තට්ටුවේ තමා මේක තියෙන්නේ.)

04. අයෙමත් එන්න ඕනේ මුලින්ම ගියා මධ්යම තැපැල් හුමරුවේ පාර්සල්Section එකට. මතක ඇතුව මුදල් අරන් යන්න.