KDJ Singlish Sinhala typing Software & Online Edition

සිංහල ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගයක්.

2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. 

PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම Version එක දැන් ඔබට Downloadකරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කරUnicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතී. Unicodeසඳහා ctrl+c හා ෆොන්ට් සඳහා ctrl+f යන shortcuts භාවිතාකර Word Documentඑකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රව්සරයටද ,පහසුවෙන්ම Copy කර Paste කරගන්න පුළුවන්.

විශේෂයෙන්ම, සිංහල Type කිරීමේදී ඔබට අවශ්‍ය ඕනෑම අකුරක් නිවැරදිව බලා ගැනීමට Help Option එකෙහි ඇති Keyboard Layout එක භාවිතා කළ හැක. එසේම මෙම මෘදුකාංගය මඟින් Type කරන අකුරු වල Font Size එක වෙනස් කර ගැනීමේ හැකියාවද ලබා දී ඇත. ඔබගේ ඇසට පහසු පරිදි Font Size එක වෙනස් කරගත හැකි වන අතර එය වෙනත් ස්ථානයකට Pasteකිරීමේදී බාධාවක් නොවනු ඇත.

ඔබට ලබා දී ඇති Online හා Offline Library Options මඟින් අවශ්‍ය වචන Typeකරන අතර තුරේදීම Word Suggestion List එක මඟින් අවශ්‍ය වචන තෝරා ගැනීමේ හැකියාවද ලබා දී ඇත. තවද, ඔබට අවශ්‍ය ලෙස Window එක කුඩා සහ විශාල කිරීමේ හැකියාවද, ඒ සමඟම අවශ්‍ය ලෙස Text Areas වල හැඩගැසීමද ඔබට මෙය තවත් හොඳින් භවිත කිරීම පහසු කරවයි.

ඊට අමතරව ඔබට අළුත්ම Update එක තුළින් Settings කිහිපයක් වෙනස් කිරීමේ Section එකක්ද ලබා දී ඇත. මෙහි ඇති තවත් විශේෂාංග කිහිපයක් ඔබට පහත රූපවලින් ද බලා ගත හැක. විශේෂයෙන්ම ඔබට ඇති ගැටළු මේල් කිරීම මගින්, එම ගැටලු වලට අවශ්‍ය updates ලබා ගැනීමටද හැක. තවත් විශේෂම දෙය තමයි, මෙහි Install Version එක වගේම Portable Versionඑකද බාගන්න පුළුවන්.


නිල වෙබ් අඩවියෙන් බාගැනීමට මෙතනින් පිවිසෙන්න.