Li-Fi Technology Sinhala Guide

Li-Fi තාක්ෂණය ගැන සිංහලෙන්ම දැනගමු.



අප වෙබ් අඩවියට වැඩියෙන්ම පැමිණෙන්නේ පරිගණක තාක්ෂණයට කැමති සහ ඒ ආශ්‍රිතව වෘතීය වශයෙන් නියැලෙන පිරිසයි.

අන්න ඒ අය අනිවර්‍යයෙන් අනාගතයේ පැමිණෙන නව තාක්ෂණය ගැන දැනගත යුතුයි. අද අප ඔබට මෙම ලිපියෙන් හදුන්වාදෙන්නේ අනාගතයේ පැමිණෙන Li-Wi තාක්ෂණය ගැනයි. අපි කරුවුත් දන්නා වර්තමානයේ බාවිතාවෙන වයිෆයි තාක්ෂණයට සමාන නමුත් බාවිතාවෙන තාක්ෂණය සහ performance හාත්පසින්ම වෙනස් වෙනවා. 

මොකද්ද ඇත්තටම මේ Li-Fi කියන්නේ ?

                       Wireless තාක්ෂණයේ මීළඟ පෙරළිකාරයා විදියට හඳුන්වන්න සුදුසුම තාක්‍ෂණයක් තමයි මේ Li-Fi කියන්නේ. කෙටියෙන් Li-Fi නමින් හඳුන්වන මෙයින් අදහස් වෙන්නේ Light Fidelity කියන තාක්‍ෂණය. සරලවම කියනවානම් Li-Fi කියන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක්, එහෙමත් නැත්නම් data transmission medium එකක් විදියටත් හඳුන්වන්න පුලුවන්. විශේෂත්වය තමයි මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ Light Emmitting Diodes (LEDs) භාවිතයෙන්. ඒ නිසාවෙන්ම මෙය Visible Light Communications (VLC) පද්ධතියක් විදියටත් හඳුන්වනවා. Li-Fi තාක්ෂණයේ නිර්මාතෘ විදියට සළකනු ලබන්නේ එක්සත් රාජධානියේ Edinburgh විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Harald Haas මහතා.

කොහොමද මේ Li-Fi ක්‍රියාත්මක වෙන්නේ ?

                    බොහෝ අවස්ථාවලදී wireless data transmission ගැන කතා කරද්දී අපිට මුලින්ම මතකයට නැගෙන්නේ රේඩියෝ තරංග. නමුත් කලින් සඳහන් කළ ආකාරයට මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සඳහා යොදා ගනු ලබන්නේ ආලෝක තරංග. මෙහිදී ආලෝක තරංග නිකුත් කිරීම සඳහා LED විදුලි බුබුළු යොදා ගැනෙන අතර ආලෝක තරංග ප්‍රතිග්‍රහණය කිරීම සඳහා යොදා ගනු ලබන්නේ photoreceptors. Li-Fi පද්ධතියේ මූලිකම උපාංග විදියටත් හඳුන්වන්නේ මේ ඉහළ දීප්තියක් සහිත LED විදුලි බුබුළු සහ එම ආලෝකය ප්‍රතිග්‍රහණය කරගැනීම සඳහා යොදා ගන්න photo-receptor එක වන silicon photodiodes. නැනෝ තත්පර ගණනක් තුළදී මේ LED බුබුළු දැල්වීමට සහ නිවීමට සැලැස්වීමෙන් Visible Light Communication (VLC) signals නිර්මාණය කෙරෙනවා. මේ ක්‍රියාවලිය හරහා සාර්ථක ලෙස 1 සහ 0 ඇතුළත් විවිධ digital strings සන්නිවේදනය කිරීමට අවස්ථාව සැලසෙනවා.

Li-Fi තාක්ෂණයේ වැදගත්කම මොන වගේද ?

                Wi-Fi සහ Li-Fi කියන මේ තාක්ෂණයෙන් දෙකම භාවිතා කරන්නේ විද්‍යුත් චුම්භකත්වය උපයෝගී කරගෙන. නමුත් Li-Fi තාක්ෂණය ආලෝක තරංග යොදා ගැනීම නිසා රේඩියෝ තරංග යොදා ගන්න Wi-Fi වලට වඩා Li-Fi ඉතාමත් වේගවත්. ඒ විතරක් නෙවෙයි, තවත් විශේෂ කාරණාවක්! යම් හේතුන් නිසා රේඩියෝ තරංග යොදාගත නොහැකි ප්‍රදේශ වලට, (උදාහරණයක් විදියට අධික විකිරණශීලි පරිසර සහිත රසායනාගාර ආශ්‍රිතව) කිසිම ගැටලුවකින් තොරව Li-Fi යොදා ගත හැකි වෙනවා. මේ වාසිදායක තත්වයන් නිසාම ඉතාමත් සාර්ථක ලෙස අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, විද්‍යා හා පර්යේෂණ ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයක ඉතාමත් සාර්ථකව Li-Fi යොදා ගත හැකි වෙනවා.

VideoProc Giveaway : Best (4K) Video Editor and Converter

වීඩියෝ Edit, Convert, Download 3ම එකට.

අදකාලය වනවිට වීඩියෝ එඩිටින් යනු සාමන්‍යයෙන් අපිට නිතර සිදු කිරීමට වෙනවා. අපි ට්‍රිප් එකක් ගියානම් ඒකේදී Gopro කැමරාවෙන් ගත්ත ව්ඩියෝ,


උපන්දින උත්සවයකදී iPhone එකෙන් ලබාගත් වීඩියෝ සහ Youtube Travel Video එකක් අප්ලෝඩ් කරන්න editing වැඩ, DSLR කැමරාවෙන් ලබාගත් වීඩියෝවක් Resize කරලා ෆෝන් එකට දාගන්න වැනි වැඩ වලට මේ VideoProc මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.

පහතින් දැක්වෙන්නේමේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ,
  • Resize, split, cut, merge, trim, adjust, add effect
  • Stabilize and denoise video from GoPro, DJI, etc
  • Convert videos/audios/DVD. 4K to 1080p, vice versa
  • Download content from 1000+ sites. YouTube to MP3
  • Capture PC's screen. Record video with webcam
  • Full GPU hardware accelerated! 47x real time faster

මෙය සමාන්‍යයෙන් මෙම VideoProc  මෘදුකාංගය රු.6,000ක් පමණ වටිනාකින් අලෙවි කරන මෘදුකාංගයක්. නමුත් මෙහි Developer වරු විසින් මේදිනවල මෙය නොමිලේ ලබාදෙන Giveaway වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඔබට මෙය නොමිලේ ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.

Icecream Video Editor - Free video editing software

ඉක්මනින්ම වීඩියෝ එඩිටින් කරන්න අලුත්ම මෘදුකාංගයක්.



අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන "Icecream App" ආයතනය විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංගය 


පසුගියදා හදුන්වාදෙනු ලැබුවා. එය නමින් Icecream Video Editor යෙදවුමයි. මේ මගින් ඔබගේ පරිගණකයේ ඇති වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කිරීමට පුළුවන්. අනෙකුත් icecream මෘදුකාංග වගේම මෙයත් කිසිදු මුදලකින් තොරව පරිශීලකයාහට නොමිලේම බාවිතා කිරීමට හැකියාව ලබාදෙනවා. බලන්න හදුන්වාදෙන වීඩියෝව.

ඔබ ස්මාර්ට්ෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප පරිගණකයට copy කර මේ මෘදුකාංගයට ලබාගෙන ලස්සන slide show වීඩියෝවක් හදන්න පුළුවන්. අනෙකුත් වීඩියෝ එඩිටින් මෘදුකාංගවල ඇති slide effects සියල්ලම වාගේ මෙහිද ඇතුලත් වෙනවා. 

ඔබ නිර්මාණය කරන වීඩියෝවට වචන දාන්න අවශ්‍යනම් Text Effect ආකාරයෙන් දාන්න පුළුවන්. ඒවගේම Trim, cut, resize, capture වැනි ප්‍රධාන අංගයන්ද ඇතුලත් වෙනවා. YouTube channel වලට වීඩියෝ අප්ලෝඩ් කරන අයටද මේ මෘදුකාංගය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වීඩියෝවල Colours ඇතුලත් කරන්න, Visual Effects දාන්නත් පුළුවන්. අනෙකුත් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා වලට සාපේක්ෂව පරිශීලකයාට වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් වීඩියෝ එඩිටින් වැඩ කරගන්න මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.
වින්ඩෝස් 7, 8 සහ 10 මෙහෙයුම් පද්ධති සදහා මෙය සහාය දක්වනවා. මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගතකරගැනීමට මෙතනින් පිවිසෙන්න. නැතිනම් නිල වෙබ් අඩවියෙන් බාගන්න.

Technical Details

  • Software Name : Icecream Video Editor
  • File size : 37 Mb
  • Requirements : Windows 7, 8, 10
  • License : Free
  • Publisher website : icecreamapps.com

SuperTuxKart - Racing Game


සුපිරි ටක්ස් කරත්ත රේසීන් ගේම් එක.

ගොඩක් අය ඉල්ලලා තිබූන දෙයක් තමයි අද මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. ඒ හැමෝටම play කරන්න පුළූවන් 3D ගේම් එකක්.


මෙම ක්‍රීඩාව බැලූ බැල්මටම Realistic පරිසරයක් ඇති කාර් අනෙකුත් වාහන තාත්වික බවින් යුක්ත නොවන නමුත් ගේම් එකේ මූලික අරමුණ, ඊට එහා ගිය විනෝදයක් ලබාදෙන ලෙස නිර්මාණය කිරීමයි. 3D තාක්ෂණය උපරිම ලෙස මෙහි බාවිතාකර තිබෙනවා. කුඩා ළමයින්හට ඉතාමත් විනෝදජනකයි. මෙය  කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබට stress එක අඩුකරගන්නත් නියමයි. මෙය ධාවනය කිරීමට පරිගණකයේ වැඩිය performance අවශ්‍යයත් නෑ.

මෙතනින් පිවිස මෙම විනෝදජනක Racing Game එක බාගත කරගන්න. ඒවගේම මෙම ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල play කිරීමටද පුළුවන්.

Technical Details

  • Software Name : SuperTuxKart
  • File size : 574 Mb for Pc
  • Requirements : Windows All / Android
  • License : Free
  • Publisher website : sourceforge.net

Syllabuses in Sinhala, Tamil & English PDF

පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් PDF ඩවුන්ලෝඩ් කරගන්න.

ඔන්න සිලබස් එක cover වෙන්නෙනෑ කියලා නිකන් ඉන්න ඕනේ නැ. ඔයාලට පුළුවන් මේ syllabus PDFඅධ්‍යයනය කරලා exam එකට හොදින් මුහුණ දෙන්න. පරිගණකයෙන්, ජංගම දුරකතනයෙන්,


iPod, iPad, Tab වැනි Mobile Device එකකින් මේ පොත් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. ඒවගේම ගුරු වෘතිය සිදුකරන ගුරුදෙගුරුන් හට ගුරු අත් පොත්ද PDF ලෙසින් බාගන්න පුළුවන්. මේ පොත් බලන්න පුලූවන් PDF Readerමෘදුකාංගයක් පරිගණකයේ ඇත්නම් පමණයි. 

මෙම සියළු PDF සිලබස් ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තමේන්තුව විසින්
නිකුත් කරනු ලබයි. 
  1. සිලබස් පොත් බාගන්න. ▶ සිංහල මාධ්‍ය,  ඉංග්‍රීසි මාධ්‍ය,  දමිල මාධ්‍ය
  2. ගුරු අත්පොත් බාගන්න. ▶ සිංහල මාධ්‍ය,  ඉංග්‍රීසි මාධ්‍ය,  දමිල මාධ්‍ය
  3. අමතර පොත් බාගන්න. ▶ සිංහල මාධ්‍ය,  ඉංග්‍රීසි මාධ්‍ය,  දමිල මාධ්‍ය

apex_a.pura-042 Sinhala font free download

රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා  තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.


අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ අපි කාටත් හුරුපුරුදු විජේසේකර කීබෝඩ් එකට මෙය සහය දීමයි. ඒ නිසා වචන ටයිප් කරන්න හරිම පහසුයි. 

Facebook Page post Quote දාන්න, යූටියිබ් චැනල් කරන අයට වීඩියෝවේ Thumbnail එක දාන්න මේ ෆොන්ට් එක සුපිරි. ෆොන්ට් එක අවශ්‍ය අය මෙතනින් පිවිස බාගත කරගන්න

iSkysoft Data Recovery - Software for PC & Mac

පරිගණකයේ Delete වූ දත්ත නැවත ලබාගන්නRecovery මෘදුකාංගය.

පරිගණකය ඔබගේ පරිගණකයේ ෆෝල්ඩරයක පුද්ගලික ඡායාරූප, වර්ඩ් ෆයිල් ෆෝ කාර්යාලයේ වටිනා Excel ෆයිල් එකක්


දැනුවත්ව හෝ නොදැනුවත්ව Delete වුවහොත්, අපිට එය නැවත ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි Recovery මෘදුකාංගයකින් Scan කරලා අදාල ෆයිල් එක සොයාගන්න එක. මේ ක්‍රියාවලිය ලේසියෙන්ම කරන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් ලෙස මෙම iSkysoft Data Recovery යෙදවුම අපට යෝජනා කරන්න පුළුවන්. මෙහි ඇති සුවිශේෂත්වය තමයි පරිගණකයේ හාඩ් එකේ වගේම පිටින් සම්බන්ඳ කරන හාඩ් එකක, පෙන් එකක Delete වූ දත්තrecovery කිරීමට හැකිවීම.

 මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක් බලන්න.



 පහත ෆෝමැට් වර්ග මින් Recovery කරගන්න පුළුවන්.
  • Documents - XLS/XLSX, DOC/DOCX, PPT/PPTX, HTML/HTM, PDF, INDD, EPS, CWK, VSD, ODT, ODP, ODS, ODG, ODF, RTF, etc.
  • Graphics - PNG, JPG, TIFF, TIF, BMP, GIF, PSD, RAW, CRW, ARWCR2, NEF, ORF, RAF, SR2, MRW, DCR, DNG, ERF, AI, XCF, DWG, X3F, etc.
  • Videos - AVI, MOV, MP4, M4V, 3GP, 3G2, MKV, MXF, WMV, ASF, FLV, SWF, MPEG, MPG, RM(RMVB), etc.
  • Emails - EML, EMLX, PST, DBX, MSG, BKL, EDB, BKS, BMS, etc.
  • Audio - AVI, MOV, MP4, M4V, 3GP, 3G2, MKV, MXF, WMV, ASF, FLV, SWF, MPEG, MPG, RM(RMVB), etc.
  • Other Files - ZIP, RAR, BZip2, 7z, SIT, SITX, DLL, SYS, LIB, 7ZIP, GZIP, etc.
මෘදුකාංගය බාවිතා කරන ආකාරය දැක්වෙන වීඩියෝව.



මෙම මෘදුකාංගය වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධති සදහා සහාය දක්වනවා. මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න.
  • Software Name : iSkysoft Data Recovery
  • Requirements : Windows All / Mac
  • License : Free / Paid
  • Developer Website : www.iskysoft.com

EaseUS Partition Master Free

රිගණකයේ හාඩ් එකPartition කරන්න මෘදුකාංගයක්.

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව හාඩ් එක කොටස් වලට වෙන් කිරීම

 තරමක් සංකීර්ණ කාර්‍යයක්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින්ම හරි හැටිPartition කිරීම නොදැන සිදුකලහොත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හානියක් වීමටත්, නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමටත් සිදු වෙනවා. අන්න ඒ කාරණය නිසා ඕනෑම කෙනෙක්ට කිසිදු ගැටළුවකින් තොරව පරිගණකයේ හාඩ් එක partition වලට කඩා ගන්න උපකාරීවෙන මෘදුකාංගයක් EaseUsආයතනය හදුන්වාදෙනවා. මෙහි නම EaseUS Partition Master Free.

බලන්න තිරඡායාරූප කිහිපයක්.



මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වනවා.මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න

  • Software Name : EaseUS Partition Master Free
  • Requirements : Windows All
  • License : Free / Paid
  • Developer Website : www.easeus.com

Smart Electricity Meter Reader

Smart Electricity Meter Reader


විදුලි බිල පරීක්ෂා කරන්න මෘදුකාංගයක්.


ඔන්න අද ගෙනාවා හැමෝටම වැදගත් වෙන පොඩි මෘදුකාංගයක්. අපි හැමෝම විදුලිය පාවිච්චි කරනවනේ. සෑම මාසෙකම අපිට විදුලි බිලකුත් එනවා.


ඉතින් අද මේ අරන් ආපු මෘදුකාංගයෙන් පුළුවන් මාසේ අන්තිමට අපි භාවිතා කරපු ඒකක ගණන වගේම ඒ සඳහා ගෙවිය යුතු මුදලත් බලාගන්න. කෙටියෙන්ම කියනවනම් අපේ විදුලි බිල බලාගන්න පුළුවන්. බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප.

Meter Reading ඇතුළත් කිරීමේදී පහත රුපයේ පරිදි මීටරයේ නම් 9373 යන අගය ඇතුළත් කරන්න. එනම් පළමු අංකය අත්හැර ඊළඟ අංක හතර අතුලත් කරන්න.



දැන් අපි බලමු අපේ බිල ගණනය වන විදිය කෙටියෙන්,

  • අපේ විදුලි බිල අපි භාවිතා කරන ඒකක ගණන මත වගේම  වර්තමාන විදුලි අය ක්‍රමය අනුව පරිභෝජනය කරන ලද ඒකක අනුපාතකියමතද පදනම් වෙනවා.
  • එමෙන්ම භාවිතා කරන ඒකක ගණන අනුව එකතුවන ස්ථාවර ගාස්තුද වෙනස් වේ.
  • ඒකක 0-60 අතර ස්ථාවර ගාස්තු නැත.
  • ඒකක 61-90 අතර ස්ථාවර ගාස්තු රු.90.00
  • ඒකක 91-120 අතර ස්ථාවර ගාස්තු රු.480.00

බිල්පත් සැකසීමේ කාලය දින 31 ක් වන බැවින් අදාළ ගාස්තු කාණ්ඩයන් වනු ඇත්තේ, 0-31, 32-62, 63-93, 94-124, 125-186 සහ 187 හා ඊට වැඩි වශයෙනි.
සැලකිය යුතුයි : බිල්පතේ කාලය අනුව කාණ්ඩ වන විදිය වෙනස් වේ. එනම් බිල්පත් කාලය දින 30 නම් 0-30 ,31-61 ආදී වශයෙන් කාණ්ඩ වේ.


මෙම මෘදුකාංගය නිර්මාණය කලේ දිල්ශාන් හේවාපතිරණ විසිනුයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත පරිගණක සඳහා සහාය දක්වයි. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Build a Budget PC

අඩු මුදලට ගේමින් PC එකක් හදාගමු.

අඩුගානකට Gaming PCඑකක් හදාගන්න කැමති අය ඇතිනේ. ඒවගේම ගේම්ස් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න අමාරු ඒත් අලුත් ගේම්ස් Play කරන්න කැමති අය ඉන්නවනේ.


මේ කියන parts දාල PC එක හැදුවොත් අලුත් ගේම්ස් Low setting,  Medium Setting ඇතැම්විට High Setting උනත් පුලුවන්. (1366 x 768 වැනි resolution) ලගදිPC එක පොඩ්ඩක් upgrade කරන්න ඉන්න අයටත් මේක වැදගත් වෙයි.

මුලින්ම බලමු power supply එක ගැන.
                  මුලු pc එකටම power එක දෙන්නෙ මේකෙන්නෙ ඉතින් මේpower supply එකට අපේ pc එක power එක ඉල්ලන තරම් දෙන්න තරම් හැකියාවක් තියෙන්න ඕනෙ. අඩුම 400w power supply එකක් pc එකට තියෙන්න ඕනෙ. ඒත් ඔයාලට 500w power supply එකක් ගන්න පුලුවන් නම් ඒක ගොඩක් හොදයි. මොකද gaming වලට හොද vga card එකක් පාවිච්චි කරනකොට ඒවට වෙනම external power එකක් දෙන්න ඕනෙ. Computer Shop වල450w එකක් රුපියල් 900/= කට වගේ ගන්න පුලුවන්, 500w එකක් රුපියල්1400/= කට වගේ ගන්න පුලුවන්. මේ කියන්නෙ used ඒව ගැන. 500w powerඑකකින් අපිට කිසි අවුලක් නැතුව PC එකට කරන්ට් එක දෙන්න පුලුවන්.

දෙවෙනියට බලන්න ඕනෙ Motherboard එක ගැන.
             ඔයාලට CPU Z කියන software එක පාවිච්චි කරල pc එකේ board එක processor එක ram ගැන වගේම vga එක ගැනත් විස්තර බලාගන්න පුලුවන්. ඔයාල ලග G31 හරි G41 වගේ Motherboard එකක් තියෙනව නම් අලුත් Bord එකක් ගන්න ඕනෙ වෙන්නෙ නෑ. නමුත් ඊට වඩා පරණ motherboard එකක් නම් තියෙන්නෙ ඔයාලට අලුත් motherboard එකක් ගන්න වෙනවා. මොකද ඒ පරණ Board Pentium 4, DDR1 Ram වගේ වෙන හින්දා. අනික ඒ Board වල PCI Express Slot නැතුව AGP වගේ Slot තමා බොහෝවිට තියෙන්නෙ. ඉතින් කොහොමත් G31, G41 වගේ Board එහෙකට යන්න වෙනවා. ඒ Board වල DDR2 or DDR3 Ram Support කරනවා. G31 Board එකක් රුපියල්3500/= ක් වගේ වෙන්නෙ. G41 ඊට වඩා පොඩ්ඩක් වැඩියි.


දැන් බලමු Ram කාඩ් මිලදී ගන්න විදිය.



                  Ram ගන්නකොට DDR2 විතරක් තියෙන Motherboard එකක් නම් තියෙන්නෙ DDR2 2GB  Ram x 2 ක් ගන්න. එතකොට 4GB Ram තියෙනවා. ගත්ත Board එකට DDR2 සහ DDR3 දෙකම support නම් ඔයාල DDR3 4GB එකRam එකක් හරි 4GB ram දෙකකක් හරි ගහන්න. නැත්තන් මුලින් එක 4GB Ramඑකක් ගහල පස්සෙ තව 4GB එකක් ගහන්න. DDR2 2GB  Ram එකක් රුපියල්2500 ක් වගේ වෙන්නෙ. DDR3 4Gb Ram එකක් රුපියල් 4000 ක් හරි ඊට වඩා පොඩ්ඩක් වැඩිවෙයි.


ප්‍රොසෙසර් එකක් ගන්න බලන්න ඕනේ දේවල්.



                  Processor එකක් ගන්නකොට අඩුම Core 2 duo E8600 වගේ processorඑකක් ගන්න. G31, G41 වගේ Board එකක් නම් ගත්තෙ ඔයාලට පුලුවන් Core 2 Quad Processor එහෙකට යන්න. Core 2 Quad Q9650 එක i3 2nd Gen Processorඑහෙකට වැඩිය හොදයි. i3 එකේ single core power උනාට ඒකෙ core 2 යි තියෙන්නෙ. Core 2 Quad එකේ Single Core එක i3 single core ට වඩා Power මදි උනාට Core 4 ක් එකතුවෙන නිසා Power එක වැඩි වෙනවා. Core 2 duo Processor එකක් රු.3,000 ක් වගේ වෙයි, පොඩ්ඩක් වැඩිත් ඇති. Core 2 Quadඑකක් රු.4,800 ක් වගේ වෙන්නේ.


Graphics Card එක තමා ඊලගට ඕනෙම දේ.


             VGA එකක් ගන්නකොට vram එක විතරක් බලන්න එපා. දැනට ආපු ගේම්ස් ගොඩක් ගහන්න පුලුවන් VGA එක තමා GTS 450 VGA card එක. ඒක රු.6,000 ක් වගේ හරි ඊට වඩා පොඩ්ඩක් වැඩි හරි වෙයි. ඒත් Dx11 අලුත්Games Low Setting හරි avg fps 30 කින් වගේ ගහන්න පුලුවන්. (720p, 900p) ඉතින් HDD එක තියෙන එකම පාවිච්චි කරන්න පුලුවන්. අඩුම 120GB HDDඑහෙකුත් ඇති. DVD Rom එකත් තියෙන එකම පාවිච්චි කරන්න.

Ebay Buying Guide in Sinhala Sri Lanka

Ebay එකෙන් බඩු මිලදී ගන්න අයට වටිනා කරුණු රැසක්.

අන්තර්ජාතික වශයෙන් බාණ්ඩ අලෙවි කරන ප්‍රමුඛපෙලේ වෙබ් අඩවියක් තමයි Ebay කියන්නේ. ල‍ංකාවේ බොහෝදෙනා දැන්

මේ වෙබ් අඩවියෙන් විවිධ බාණ්ඩ මිලදී ගන්නවා. ඊබේ බාවිතා කරනවිට අපිට පැන නගින ගැටළු කිහිපයක් තිබෙනවා. අපේ ගෙදරටම එන බාණ්ඩ මොනවද ? තැපැල් කාර්යාලයට ගිහින් ගන්න වෙන බාණ්ඩ මොනවද ? කොහොමද ඒවා නිදහස් කරගන්නේ ? වැනි අපි දැනගත යුතු වටිනා කරුණු රැසක් ඇල්. ආර්. බන්ඩාර මහත්මයා සමාජ ජාල වෙබ් අඩවියක් තුල දක්වා තිබුණා. මේ ලිපිය මගින් අපි ඔබට ගෙන එන්නේ එහි සදහන් කරුණුයි.

දැන් කට්ටිය Ebay එකෙන් බඩු ගේනවනේ. පොඩි පොඩි Item නම් ලියුම් බෙදන පියුම් මාමා ගෙදරටම ගෙනත් දෙනවනේ. එත් ලොකු item එකක් ගෙන්නුවොත්( Eg : Phone ) අපිට පොස්ට් Office එකට යන්න වෙනවා ඒක ගන්න. මොකද ඒක කඩල බලලා Duty fee එහෙම ගෙවන්න ඕනේ. ඒවා එහෙම ගෙව්වට පස්සේ තමා අපිට බඩු හම්බු වෙන්නේ. 

ඔබ ගෙනාපු Item එක Custom එකෙන් ඇල්ලුවොත් මොකද කරන්නේ ? 😲

ඔයා ගෙන්නපු Item එකක් Custom එකෙන් අල්ලලා . ඒක පොස්ට් එකේ තියාගෙන ඉන්නවා නම්. අනිවාර්යෙන් Item ඒක පොස්ට් එකට ඇවිත් දවස් 2-4ක් ඇතුලත ඔයාගේ Shipping Address එකට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුමක් එනවා. ලියුමක් කියල කිව්වට ලියුමක් මත් නෙමෙයි, Form දෙකක් තුනට නවල Stapler Pin එකක් ගහල තමා එවන්නේ. එක කොලයක් රෝස පාටයි. අනික සුදු පාටයි. රෝස පාට කොලේ ඔයාගේ නමයි, Address එකයි ලියන්න තැනක්, ඒක ලියල අරන් යන්න. වෙන මුකුත්ම ලියන්න එපා. 

ඕක අරන් යන්න ඕනේ මද්‍යම තැපැල් හුවමාරුවේ දෙවෙනි තට්ටුවට. (Central Mail Exchange). මේ කාර්යාලය තියෙන්නේ කොළඹ 10, ඩි.ආර්. විජේවර්ධන මාවතේ. කොළොඹ 10 කියල කිව්වට මේක තියන්නේ Lake House එක , SLECCඒක පේන තෙක් මානේ. 

හරියටම කිව්වොත් . කොටුවේ Station එකේ පිටිපස්සේ ගේට්ටුවට එහා පැත්තේ. ( මැකලම් පාරේ ගේට්ටුව - ඩී.ආර්.විජේවර්ධන මාවත කියල දැන් කිව්වට ඉස්සර කිව්වේ මැකලම් පාර ලු ) ඔයා පිට කොටුවේ ඉදන් එනවනම්.120,125,190,170 වගේ බස් එකක නැගල කොන්දොස්තර අයියට පොස්ට් Officeඒක ගාවින් දාල යන්න කිව්වනම් හරි. 

පාර්සල් Section එකේ ෆෝන් නම්බර් මෙන්න.
 011 23220700, 011 2440159, 011 2449886

ඔයාගේ හැදුනුම් පත (NIC)Ebay Invoice එකෙත් ප්රින්ට් එකක් කෝකටත් අරන් යන්න. ඉල්ලුවොත් විතරක් දෙන්න.


ඔයා Phone එකක් ගෙන්නුවොත් නම් පොඩි කට්ටක් කන්න ඕනේ. මෙන්න මේ පහත තැන් වලට පිළිවෙලට යන්න ඕනේ.

01. ගෙදරට එන ලියුම අරන් මද්‍යම තැපැල් හුවමාරුවට යන්න.

02. එහෙන් දෙන ලියුම අරන් ඇල්විටිගල මාවතේ තියන (TRC) විදුලි සංදේශන නියාමන කොමිසමට යන්න.  මේක තියන්නේ හරියටම නාරාහේන් පිට හමුදා රෝහල හරියේ. 103 නාරාහේන්පිට බස් එකේ ගියා නම් හරි - 135/178/103ඔක්කොම එතනින් යනවා.

03. එහෙන් දෙන ඒවා අරන් ශ්‍රී ලංකා ආනයන හා අපනය පාලන දෙපාර්තුමේන්තුව ට යන්න ඕනේ. (කොළඹ 01, බ්රිස්ටල් වීදියේ තියන හේමාස් ගොඩනැගිල්ලේ පලවෙනි තට්ටුවේ තමා මේක තියෙන්නේ.)

04. අයෙමත් එන්න ඕනේ මුලින්ම ගියා මධ්යම තැපැල් හුමරුවේ පාර්සල්Section එකට. මතක ඇතුව මුදල් අරන් යන්න. 

The Inspiring Life Story Of Alibaba Founder Jack Ma

උත්සාහය නිසා කෝටිපතියෙකු වූ ජැක් මා.

Jack Ma යනු ලෝකය තුල රැඩිකල් වෙනසක් කල දැවැන්ත චරිතයකි. චීනයේ ව්‍යාපාරික ගිනිසිළුව වූ ඔහු, අන්තර්ජාලය තුල

දැවැන්ත ALIBABA ව්‍යාපාර ජාලයේ හිමිකරුය. ඔහු දැනට ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන අතර ලෝකයේ 14 වන ධනවතා ලෙස පෙරලියක් කරමින් සිටී. චීනයේ සාමාන්‍ය පවුලක ඉපදුනු Jack Ma තරුණ අවධියේදීම ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරන්නට පටන් ගත්තේ එතුලින් ලෝකය දැකීමට හැකිබව බලවත් ලෙස විශ්වාස කල බැවිනි.

ඔහු තමා සතු යතුරු පැදිය දිනපතා කිලෝමීටර 40ක් පදිමින් නතර වුයේHangzhou හෝටලය අසලය. එහි සිටින සංචාරකයන් ඔහු නොමිලයේම තම රට පෙන්වීම සඳහා රැගෙන ගිය අතර මුදල් වෙනුවට ඔහු ඔවුන්ගෙන් ගමන අතරතුරදී ඉංග්‍රීසි භාෂාව ඉගෙනගනු ලැබුවා. මෙම අපුරු ඉංග්‍රීසි පන්තිය අවුරුදු නමයක් පුරා පැවතුනු අතර බොහෝ සංචාරකයන් ඔහුගේ පෑනේ මිතුරන් බවට පත්වුවා. බොහෝ දුෂ්කර වෑයමකින් පසුව ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උපාධියක් දිනාගැනීමට සමත් වූ අතර පසු කලෙක Hangzhou Dianziජාත්‍යන්තර සරසවියේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය වරයකුලෙසද සේවය කරනු ලැබුවා.


Jack Ma ජීවිතය තුල බොහෝ පරාජයන් ලැබූ මිනිසෙකි. අවසානයේදී මෙම පරාජයන් නිසාම මහා පන්නරයක් ලැබූ අයෙකි. ඔහු රැකියා සම්මුඛ පරීක්ෂණ30 කින් ප්‍රතික්ෂේප වූ අයෙකි. වරෙක KFC ආයතනයේ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ 23 දෙනකු අතරින් අසමත් වුයේ Jack Ma පමණි. එමෙන්ම Harwardසරසවියට ඔහු යොමුකළ අයදුම්පත 10 වතාවක් ප්‍රතික්ෂේප වූ බව ඔහු වරෙක ප්‍රකාශ කලේ Harward සරසවියට ආරාධිතයෙකු ලෙස දේශනයකට පැමිණි අවස්ථාවකදීය.

කෙසේ නමුත් ඔහු 1994 දී අන්තර්ජාලය ගැන හැදෑරීමක් කල අතර එවිට ඔහුගේ වයස අවුරුදු 30කි. 1999 වසරේදී ජැක් මා විසින් Alibaba.com වෙබ් අඩවිය පිහිටුවමින් මෙම සමාගම ආරම්භ කරන ලදී. චීනයේ විවිධ නිෂ්පාදකයන්ගේ භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ සමස්ත ලෝකයටම අළෙවි කිරීම මෙම සමාගමේ අරමුණ විය. මෙහිදී අනෙක් සෑම අන්තර්ජාල වෙළෙඳ පළකදී මෙන් මෙහි ද ගනුදෙනුකරුවා සහ අළෙවි කරන්නා අතර භෞතික හමුවීමක් සිදු නොවන අතර සියලු ගනුදෙනු අන්තර්ජාලය හරහාම සිදුවෙයි. ඇණවුම් කරන ලද භාණ්ඩය ගමනාන්තයට අනුව නිශ්චිත දින ගණනක් තුළ ගැනුම්කරුවා වෙත තැපෑලෙන් යැවෙයි. සියලුම පාහේ අන්තර්ජාල ගනුදෙනු සිදු වන්නේ මේ ආකාරයටය. පසුව Alibaba Group ලෙස තවත් සමාගම් එකතු කර ගනිමින් ඔහු වයාපරය වර්ධනය කරගන්නා ලදී.


මෙම සමාගමට ‛අලිබාබා’ යන නම ලැබුණු ආකාරය පසුපස ඇත්තේ ද අපූරු කතාවකි. එය මෙහි නිර්මාතෘ ජැක් මා ගේ වචනයෙන්ම මෙසේය. 

දවසක් මම මැලේසියාවේ වැඩකට ගිහින් කෝපි එකක් පානය කරමින් ඉන්න අතරේ මගේ සමාගමට හොඳම නම මොකක්ද කියලා හිතමින් හිටියා. එකපාරටම මට හිතුණා අලිබාබා කියන නම හොඳයි කියලා. මෙහෙම ඉන්න කොට වේටර්වරිය එතැනට ආවා. මම ඇහුවා ‛ඔබ අලිබාබා ගැන දන්නවද?’ කියලා. ‛නැතුව. අර දොර ඇරේවා කියලා කියන කතාව නේද?’ කියලා ඇය මගෙන් ඇහුවා. මම හිතුවා මේක තමයි නියම නම කියලා. 

ඉන් පස්සේ මම පාරේ ඇවිදින ගමන් ලෝකයේ එක එක රටවලින් ආපු තිස් දෙනෙකුගෙන් විතර ඇහුවා අලිබාබා ගැන දන්නවද කියලා. ඔවුන් කිව්වා ‛ දොර ඇරේවා කියන කතාව නේද, තමන්ට ලැබුණු ධනයෙන් ගමේ මිනිස්සුන්ට උදව් කළ හොඳ මනුස්සයෙක් නේද?’  වගේ කතා. මම දැනගත්තා ලෝකයේ ඕන කෙනෙක් මේ නම දන්න බව. අනෙක ඒ නිසාම උච්චාරණයත් පහසුවෙන් සිද්ධ වෙනවා. අවසානයේ මේ නම ලියාපදිංචි කළා. නමේ මොකක් හෝ නීතිමය ගැටලුවක් ආවොත් කියලා ‛අලිමාමා’ කියන නමත් ලියාපදිංචි කළා.

ජැක් මා සහ අලිබාබා පිළිබඳව යූටියුබ් හි ඇති වීඩියෝවක් බලන්න.

 
2012 වසරේදී අලිබාබා සමාගම විසින්  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.1 ක අළෙවි කටයුතු සිදු කොට තිබූ අතර ඒ වන විට ඔවුන්ගේ ස්වදේශීය (චීන) නොවන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ස්වදේශීය සැපයුම්කරුවන් ඉක්මවා තිබුණු බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඔවුන් ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වූයේ චීනය මූලික කොටගෙනය. 2016 අප්‍රේල් මාසය වන විට ලෝකයේ එතෙක් පැවති විශාලතම අන්තර්ජාල වෙළෙඳ පළ වූ වෝල්මාර්ට් (Walmartද පසුකර යමින් මෙය පෙරමුණට පැමිණියේය2012 නොවැම්බර් මාසය තුලදී මෙම ව්‍යාපාරය තුල online ගනුදෙනු ප්‍රමාණය චීන යුආන් ට්‍රිලියනය ඉක්මවනු ලැබුවා. මේ නිසාම අද වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ සිට සෑම ධනවතකුම Jack Ma ගේ සමීපතමයන්ය.


1964 සැප්තැම්බර් 10 වැනිදා චීනයේ උපත ලද ‛ජැක් මා’ ගේ සැබෑ නම වන්නේ ‛මා යුන්’ ය. ෆෝර්බීස් නම් ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවේ කවරයක් පළ කෙරුණු මුල්ම චීන ජාතික ව්‍යාපාරිකයා වන්නේ ද ජැක් මා ය.

2008 වසරේදී ඔහු ලොව හොඳම ආයතන ප්‍රධානීන් 30 අතරට පත්වූ අතර 2014 දී චීනයේ බලගතු ව්‍යවසායකයන් අතර ඉදිරියෙන්ම පසුවූවා. පුංචි තැනකින් ජීවිතය අරඹා ස්වෝත්සාහයෙන් ඉදිරියටම ගිය Jack Ma දියුණුවට කැමති සැමදෙනකු විසින්ම කියවිය යුතු හැදෑරිය යුතු අපුරු චරිතයකි.