Li-Fi Technology Sinhala Guide

Li-Fi තාක්ෂණය ගැන සිංහලෙන්ම දැනගමු.



අප වෙබ් අඩවියට වැඩියෙන්ම පැමිණෙන්නේ පරිගණක තාක්ෂණයට කැමති සහ ඒ ආශ්‍රිතව වෘතීය වශයෙන් නියැලෙන පිරිසයි.

අන්න ඒ අය අනිවර්‍යයෙන් අනාගතයේ පැමිණෙන නව තාක්ෂණය ගැන දැනගත යුතුයි. අද අප ඔබට මෙම ලිපියෙන් හදුන්වාදෙන්නේ අනාගතයේ පැමිණෙන Li-Wi තාක්ෂණය ගැනයි. අපි කරුවුත් දන්නා වර්තමානයේ බාවිතාවෙන වයිෆයි තාක්ෂණයට සමාන නමුත් බාවිතාවෙන තාක්ෂණය සහ performance හාත්පසින්ම වෙනස් වෙනවා. 

මොකද්ද ඇත්තටම මේ Li-Fi කියන්නේ ?

                       Wireless තාක්ෂණයේ මීළඟ පෙරළිකාරයා විදියට හඳුන්වන්න සුදුසුම තාක්‍ෂණයක් තමයි මේ Li-Fi කියන්නේ. කෙටියෙන් Li-Fi නමින් හඳුන්වන මෙයින් අදහස් වෙන්නේ Light Fidelity කියන තාක්‍ෂණය. සරලවම කියනවානම් Li-Fi කියන්නේ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යක්, එහෙමත් නැත්නම් data transmission medium එකක් විදියටත් හඳුන්වන්න පුලුවන්. විශේෂත්වය තමයි මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ Light Emmitting Diodes (LEDs) භාවිතයෙන්. ඒ නිසාවෙන්ම මෙය Visible Light Communications (VLC) පද්ධතියක් විදියටත් හඳුන්වනවා. Li-Fi තාක්ෂණයේ නිර්මාතෘ විදියට සළකනු ලබන්නේ එක්සත් රාජධානියේ Edinburgh විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Harald Haas මහතා.

කොහොමද මේ Li-Fi ක්‍රියාත්මක වෙන්නේ ?

                    බොහෝ අවස්ථාවලදී wireless data transmission ගැන කතා කරද්දී අපිට මුලින්ම මතකයට නැගෙන්නේ රේඩියෝ තරංග. නමුත් කලින් සඳහන් කළ ආකාරයට මෙහිදී දත්ත සම්ප්‍රේෂණය සඳහා යොදා ගනු ලබන්නේ ආලෝක තරංග. මෙහිදී ආලෝක තරංග නිකුත් කිරීම සඳහා LED විදුලි බුබුළු යොදා ගැනෙන අතර ආලෝක තරංග ප්‍රතිග්‍රහණය කිරීම සඳහා යොදා ගනු ලබන්නේ photoreceptors. Li-Fi පද්ධතියේ මූලිකම උපාංග විදියටත් හඳුන්වන්නේ මේ ඉහළ දීප්තියක් සහිත LED විදුලි බුබුළු සහ එම ආලෝකය ප්‍රතිග්‍රහණය කරගැනීම සඳහා යොදා ගන්න photo-receptor එක වන silicon photodiodes. නැනෝ තත්පර ගණනක් තුළදී මේ LED බුබුළු දැල්වීමට සහ නිවීමට සැලැස්වීමෙන් Visible Light Communication (VLC) signals නිර්මාණය කෙරෙනවා. මේ ක්‍රියාවලිය හරහා සාර්ථක ලෙස 1 සහ 0 ඇතුළත් විවිධ digital strings සන්නිවේදනය කිරීමට අවස්ථාව සැලසෙනවා.

Li-Fi තාක්ෂණයේ වැදගත්කම මොන වගේද ?

                Wi-Fi සහ Li-Fi කියන මේ තාක්ෂණයෙන් දෙකම භාවිතා කරන්නේ විද්‍යුත් චුම්භකත්වය උපයෝගී කරගෙන. නමුත් Li-Fi තාක්ෂණය ආලෝක තරංග යොදා ගැනීම නිසා රේඩියෝ තරංග යොදා ගන්න Wi-Fi වලට වඩා Li-Fi ඉතාමත් වේගවත්. ඒ විතරක් නෙවෙයි, තවත් විශේෂ කාරණාවක්! යම් හේතුන් නිසා රේඩියෝ තරංග යොදාගත නොහැකි ප්‍රදේශ වලට, (උදාහරණයක් විදියට අධික විකිරණශීලි පරිසර සහිත රසායනාගාර ආශ්‍රිතව) කිසිම ගැටලුවකින් තොරව Li-Fi යොදා ගත හැකි වෙනවා. මේ වාසිදායක තත්වයන් නිසාම ඉතාමත් සාර්ථක ලෙස අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, විද්‍යා හා පර්යේෂණ ආදී වූ ඕනෑම ක්ෂේත්‍රයක ඉතාමත් සාර්ථකව Li-Fi යොදා ගත හැකි වෙනවා.

VideoProc Giveaway : Best (4K) Video Editor and Converter

වීඩියෝ Edit, Convert, Download 3ම එකට.

අදකාලය වනවිට වීඩියෝ එඩිටින් යනු සාමන්‍යයෙන් අපිට නිතර සිදු කිරීමට වෙනවා. අපි ට්‍රිප් එකක් ගියානම් ඒකේදී Gopro කැමරාවෙන් ගත්ත ව්ඩියෝ,


උපන්දින උත්සවයකදී iPhone එකෙන් ලබාගත් වීඩියෝ සහ Youtube Travel Video එකක් අප්ලෝඩ් කරන්න editing වැඩ, DSLR කැමරාවෙන් ලබාගත් වීඩියෝවක් Resize කරලා ෆෝන් එකට දාගන්න වැනි වැඩ වලට මේ VideoProc මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.

පහතින් දැක්වෙන්නේමේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ,
  • Resize, split, cut, merge, trim, adjust, add effect
  • Stabilize and denoise video from GoPro, DJI, etc
  • Convert videos/audios/DVD. 4K to 1080p, vice versa
  • Download content from 1000+ sites. YouTube to MP3
  • Capture PC's screen. Record video with webcam
  • Full GPU hardware accelerated! 47x real time faster

මෙය සමාන්‍යයෙන් මෙම VideoProc  මෘදුකාංගය රු.6,000ක් පමණ වටිනාකින් අලෙවි කරන මෘදුකාංගයක්. නමුත් මෙහි Developer වරු විසින් මේදිනවල මෙය නොමිලේ ලබාදෙන Giveaway වැඩසටහනක් පවත්වාගෙන යනවා. ඔබට මෙය නොමිලේ ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.

Icecream Video Editor - Free video editing software

ඉක්මනින්ම වීඩියෝ එඩිටින් කරන්න අලුත්ම මෘදුකාංගයක්.



අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිපදවන "Icecream App" ආයතනය විසින් ඔවුන්ගේ නවතම මෘදුකාංගය 


පසුගියදා හදුන්වාදෙනු ලැබුවා. එය නමින් Icecream Video Editor යෙදවුමයි. මේ මගින් ඔබගේ පරිගණකයේ ඇති වීඩියෝ සංස්කරණ කටයුතු සිදු කිරීමට පුළුවන්. අනෙකුත් icecream මෘදුකාංග වගේම මෙයත් කිසිදු මුදලකින් තොරව පරිශීලකයාහට නොමිලේම බාවිතා කිරීමට හැකියාව ලබාදෙනවා. බලන්න හදුන්වාදෙන වීඩියෝව.

ඔබ ස්මාර්ට්ෆෝන් එකෙන් ලබාගත් ඡායාරූප පරිගණකයට copy කර මේ මෘදුකාංගයට ලබාගෙන ලස්සන slide show වීඩියෝවක් හදන්න පුළුවන්. අනෙකුත් වීඩියෝ එඩිටින් මෘදුකාංගවල ඇති slide effects සියල්ලම වාගේ මෙහිද ඇතුලත් වෙනවා. 

ඔබ නිර්මාණය කරන වීඩියෝවට වචන දාන්න අවශ්‍යනම් Text Effect ආකාරයෙන් දාන්න පුළුවන්. ඒවගේම Trim, cut, resize, capture වැනි ප්‍රධාන අංගයන්ද ඇතුලත් වෙනවා. YouTube channel වලට වීඩියෝ අප්ලෝඩ් කරන අයටද මේ මෘදුකාංගය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. වීඩියෝවල Colours ඇතුලත් කරන්න, Visual Effects දාන්නත් පුළුවන්. අනෙකුත් වීඩියෝ එඩිටින් සොෆ්ට්වෙයා වලට සාපේක්ෂව පරිශීලකයාට වඩාත් ඉක්මනින් සහ පහසුවෙන් වීඩියෝ එඩිටින් වැඩ කරගන්න මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා.
වින්ඩෝස් 7, 8 සහ 10 මෙහෙයුම් පද්ධති සදහා මෙය සහාය දක්වනවා. මෘදුකාංගය ඔබගේ පරිගණකයට බාගතකරගැනීමට මෙතනින් පිවිසෙන්න. නැතිනම් නිල වෙබ් අඩවියෙන් බාගන්න.

Technical Details

  • Software Name : Icecream Video Editor
  • File size : 37 Mb
  • Requirements : Windows 7, 8, 10
  • License : Free
  • Publisher website : icecreamapps.com

SuperTuxKart - Racing Game


සුපිරි ටක්ස් කරත්ත රේසීන් ගේම් එක.

ගොඩක් අය ඉල්ලලා තිබූන දෙයක් තමයි අද මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙන්නේ. ඒ හැමෝටම play කරන්න පුළූවන් 3D ගේම් එකක්.


මෙම ක්‍රීඩාව බැලූ බැල්මටම Realistic පරිසරයක් ඇති කාර් අනෙකුත් වාහන තාත්වික බවින් යුක්ත නොවන නමුත් ගේම් එකේ මූලික අරමුණ, ඊට එහා ගිය විනෝදයක් ලබාදෙන ලෙස නිර්මාණය කිරීමයි. 3D තාක්ෂණය උපරිම ලෙස මෙහි බාවිතාකර තිබෙනවා. කුඩා ළමයින්හට ඉතාමත් විනෝදජනකයි. මෙය  කාර්යබහුල ජීවිතයක් ගතකරන ඔබට stress එක අඩුකරගන්නත් නියමයි. මෙය ධාවනය කිරීමට පරිගණකයේ වැඩිය performance අවශ්‍යයත් නෑ.

මෙතනින් පිවිස මෙම විනෝදජනක Racing Game එක බාගත කරගන්න. ඒවගේම මෙම ගේම් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංග වල play කිරීමටද පුළුවන්.

Technical Details

  • Software Name : SuperTuxKart
  • File size : 574 Mb for Pc
  • Requirements : Windows All / Android
  • License : Free
  • Publisher website : sourceforge.net